Saturday, March 6, 2010

මම යාපනයට ගියෙමි

ඔන්න මටත් ඡිවිතේ පලවෙනි වතාවට යාපනයට යන්න ලැබුනා. මාර්ග සංවර්ධන අධිකාරියේ කනිෂ්ඨ සේවක සංගමයත් එක්ක. අපි ගියේ පෙබරවාරි 12 වෙනිදා හවස වුවුනියාවට යනකොට රැ එකහමරයි අපි රැ වවුනියවේ අපේ සංචාරක බංගලාවක නැවතුනා.ඔන්න රැ1.30 විතර මහන්සි යන්නත් එක්ක නාගත්තා. ඒ පැත්තේ වතුර ටිකක් කිවුල් ලුනු රසකුත් එනවා.
ඹන්න 13 උදේ තෝස තුනක් විතර ගිලලා දාලා අපේ කට්ටිය වවුනියාවෙ ඉදන් යාපනේ බලා පිටත් වුනා මුලන්ම අපි ගියේ ඩෙල්ෆ්ට් දුපතට. ඩෙල්ෆ්ට් වල තියෙනවා ලොකු ගහක්(යට තියෙන වීඩියෝ එක බලන්න)මෙකේ බෙනයක් වගෙඑකක් තියෙනවා මෙකේ මනිස්සු පස් හය දෙනෙක්ට උනත් ඉන් පුලුවන්පලවෙනි වතාවට තමයි මම මුහදක බෝට්ටුවක ගිය ඩෙල්ප්ට් වල ඉදන් කෙලින්ම බෝට්ටුවේ නාගදීපෙට ආවා නාගදීපය වැඳ පුදාගෙන ආපහු අපි රැ නවතින ස්තානයට අවා. කට්ටිය ඉතින් රැට නිදියන්නේ නහැ. සින්දු කිය කිය ඉන්නවා.
ඹන්න ඉතින් කොහම හරි පෙබරවාරි 14 වෙනිදත් උනා එදා අපි උදෙනම ගියේ යාපනය පුස්තකාලයට ඉටපස්සේ නල්ලූර් කෝවීලට ගියා.අපි සාස්තර කියන ගැනු කෙනෙකුගෙන් සාස්තරයකුත් ඇහැවුවා.බුදු අම්මේ තියෙන අපලයි ඉන්න ලමයි ගානයි බදින වයසයි බැදල නැත්තම් බැන්දට පස්සේ හම්බෙන ලමයි ගානයි ඹක්කොම කියනවා අපේ උන් ටිකට ෆුල් හොලමන් සමහරක් අය බයවෙලා මැරෙන්නේ අවුරදු කියෙනද කියලත් කියනවා මාව මැරෙන්නේ අවුරදු 86න්ලු.
සාස්තරෙත් අහගෙන අපි ඉරිදා 14 වෙනිද හවස ආපාහු කොළඹ බලා පටත් වුනා. A9 පාර දෙපැත්තේ යුද කාලයේ විනාශ වුනු ගෙවල් වල බිත්ති විතරක් තිබුනා ගෙඩක් එවගෙ වහල නැහැ
කිලිනොච්චියෙ පෙරලපු වතුර ටැංකිය එහෙම තිබුනා. ඒකේ පොටෝ එකක් ගහගන්න බැරුව ගියා රෑවෙලා හින්දා. එන ගමන් රැ වවුනියවෙන් කොත්තුවකුත් කැවා ඊට පස්සෙ ඉතින් කෙලින්ම කෙළබ බලා අවා
කොහම හරි මම ඡිවිතේ පලවෙනි වතාවටයි යාපනයට ගියේ මමනම් හිතුවේ නැහැ තිබුනු යුධ තත්වේ හැටියට මාට යාපනය පැත්ත පලාතේ යන්න ලැබෙයි කියලා.අපේ රණවිරුවන්ට ගොඩක් පින් සිද්ධ වෙන්න ඹන අනාගත පරපුරට මෙවා දැක බලා ගැනීමට ඉඩ සලසා දීම ගැන.


Saturday, January 2, 2010

Windows 7 Your PC, simplified.



Your PC, simplified. ඹබට පරිගනකය පහසු කර දී තිබේ. මේ microsoft සමාගම Windows 7 හදුන්වාදීමේ වැකියයි. ඹන්න ඉතින් මමත් Windows 7 හොය හොය ඉද්දි තමයි කණියාගේ සටහන දැක්කේ එතකොට මම බ්ලොග් එකක් ලියන්න පටන් අරන් තිබුනේත් නැහැ. බ්ලොග් කියවනවා විතරයි. දැම්මා බලන්න කමෙන්ට් එකක් දාලා ඉල්ලගත්තා ඔන්න Windows 7 dvd එකක් කණිෂ්ක ට පින් සිද්ද වෙන්න. දැන් ඹන්න Install කරන්නයි තියෙන්නේ. කෝකටත් කියලා C drive එකේ Vista තියෙද්දිම දම්මා D drive එකටWindows 7 Ultimate 32 bit දැම්මා ඩුවල් බූට් විදිහට. වැඩේ හරි ඹන්න හත වැඩ දැන් තියෙන්නේ ඩ්‍රයිවස් ටික දාගන්නයි හතට හරියන ඩ්‍රයිවස් ට්කත් හරි ඹන්න . මලා SLT ADSL ZTE මොඩම් එක වැඩ කරන්නේ නැහැ ගත්තා කස්ටමර් සර්විස් එකට කෝල් එකක් මෙන්න මුන් කියාපි Windows 7 ඩ්‍රයිවස් නහැයි කියලා. රවුටර් විතරයිලු වැඩ කරන්නේ. ඉට පස්සේ ඇහැවුවේ Techකතා එකෙන්. රවුටරයක් ගන්නලු . කමක් නැහැ ඩුවල් බූට්නේ දැම්මේ Vista තවම තියෙනවනේ.ඉන්ටනෙට් ඔන වෙලාවට Vista වලින් බූට් කර ගත්තා. ඒ වැඩේ මල වදයක්නේ. ටික දවසක් ඩුවල් බුට් පාව්ච්චි කරලා ගත්තා රවුටරයක් ඹන්න දැන් ඉතින් ඉන්ටනෙට් වැඩ. මට හුරේ වේවා! දැන් ඹන්න Full formet කරලා ආයේ දාගත්තා 7 දැන් හත විතරයි.
Windows 7 ගැන කියනවනම් මේක විස්ටා වලට වාඩා ඉක්මනට බූට් වෙනවා. විස්ටා වලට වඩා මැෂින් එක ස්පීඩ් රැම් එහෙම අඩුවෙන් ගන්නේ .මෙහි Internet Explorer 8 සහ Windows Media Player 12 ඇතුලත් වනවා. තවත් හත ගැන කියනවනම් ඉන්ටනේට් ටිවි බලන්න,ඩිවිඩි බලන්න මෙහි Windows Media Center තියනවා. මෙහි අති තවත් වැඩ සටහන්නම් windows search , Home Group ,Windows Live Essentials , Windows touch, Pin, Snap, Desktop Gadget Gallery,Windows DVD Maker, Sync Center,ඇතුලු තවත් බොහෝ දේවල් මගින් ඹබට පරිගනකය පහසු කර දී තිබේ.
(හත හොදද? නරකද? නැත්තම් ලිනක්ස් හොදද? එහෙම නැත්තම් තවම XP හොඳද? ඹබේ අදහස් කමෙන්ට් එකකින් පල කරන්න.)

Thursday, December 31, 2009

2010 නව වසරසුසුබ නව වසරක්ම වේවා!


ලබන්නාවු 2010 නව වසර සුබම සුබ සාමයෙන් සතුටින් පිරි නව වසරක්ම වේවා!

Sunday, December 27, 2009

දෙවන වසරට පා තබන SBU සහ මගේ බ්ලොග් ඉතිහාසය


ඹන්න දෙවන වසරට පා තබන SBU එකට සුබ උපන්දිනයක් වේවා කියලා මම මුලින්ම ප්‍රර්තනා කරනවා. මම බලොග් ලියන්න පටන් අරගෙනනම් තවම දින කිහිපයයි. හැබැයි මම ගොඩක් කල් ඉදන් මෙහි පලවන ලිපි කියවනවා විෂේෂයෙන්ම පරිගනක තොරතුරැ ගැන නව මෘදුකාංග ගැන පලවන ලිපි. එවා මට ගොඩක් ප්‍රෙයෝඡනවත්.මට මුලින්ම සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදයේ ලිපි කියවිමට ලැබුනේ අහම්බෙන් වගේ ඒ කොහමද කියනවනම් Mozilla Firefox සිංහලෙන් දුන්නනේ ඔකේ තියෙන නවතම ශිර්ශක කියන rss feed එකෙන් තමයි මට මේක සෙට් වුනේ. මටත් ඉතින් එදාම හිතුනා බ්ලොග් එකක් හදාගෙන මෙනවා හරි ලියන්න එකට පොඩි බාදාවක් තිබුනේ
මට සිංහල යුනිකොඩ් යතුරු පුවරැව නිවැරදිව ටයිප් කරගැන්මට නොහැක්විම. මම මගේ මල්ටිමිඩියා කීබෝඩ් එක පැත්තකට විසික් කරලා ගත්තා සිංහල අකුරැ මුද්‍රනය කරලා තියෙන යතුරැ පුවරැවක්. දැන් මට සමාන්‍ය විදිහට සිහල ටයිපින් පුලවන්. ඉට පස්සේ කලේ බ්ලොග් එකක් හදාගෙන ලිපි ලියන්න පටන් ගත්තු එක. ලිපි දෙක තුනක් ලියලා සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදයට මමත් අයදුම් කරා මගේ බ්ලොග් එකත් තේරැනා . ඉතින් මගේ බලොග් කියවිමේ සහ ලිවිමේ ඉතිහාසය ඹන්න ඔහෙමයි
මෙක් කියවලා නිකන්ම යන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාලා ඔබේ අදහස් පල කරන්න

LOCKERZ Invite ඹන අය ඉන්නවනම් කියන්න


LOCKERZ වෙබ් සයිට් එක ගැන ඹය ගොල්ලෝ දන්නවා ඇතිනේ . මේ site එකෙන් අපිට තියෙන ලකුනු ප්‍රමානය අනුව තෑගි ලබා ගන්න පුලුවන්. සිංඩියෙත් ලිපි කිපයක් තිබුනනේ දැන් මටත් ඹන්න අද වෙනකොට ලකුනු 74 තිනෙවා.මේකේ රෙඡිස්ටර් වෙන්නනම් කාගෙන් හරි invite එකක් ඹ්න වෙනවා මට පුලුවන් විස්සකට විතර invite එවන්න. කැමත් අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න Email ලිපිනය සමග එතකොට මට එවන්න පුලුවන්

Friday, December 25, 2009

ඔබ සැමට සුබ නත්තලක් වෙවා

ඔන්න මගේ බ්ලොග් එක බලන්න එන ඔබ සැමට සුබ නත්තලක් වෙවා කියලා මම පතනවා .ඒ වගේම මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදයේ සිංඩියට ඇතුලත් කරපු එකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා

Saturday, December 19, 2009

අනුරාධපුරේ පානීය අවශ්‍යතාවයන්සදහා වැහි වතුර එකතු කරගන්නා හැටි

ඹන්න මම ලගකදි අනුරාධපුරේ ගියා. මේ පින්තුරේ තියෙන්නේ මැදවච්චිය පැත්තේ අය පානීය අවශ්‍යතාවයන් සදහා වැහි වතුර එකතු කරගන්නා එකක්. එහේ පායන කාලෙට මේකේ එකතු කරගත්තු වතුර බාවිතයට ගන්නවා. වැවක් එහෙම ලග තිබුනා හැබැයි වතුර කිවුල් රසයිලු. මමත් ඉතින් දවල්ට කාලා මෙවතුර තමයි බිව්වෙ වරදක් නැහැ වතුර ටික හොදයි.