Saturday, January 2, 2010

Windows 7 Your PC, simplified.



Your PC, simplified. ඹබට පරිගනකය පහසු කර දී තිබේ. මේ microsoft සමාගම Windows 7 හදුන්වාදීමේ වැකියයි. ඹන්න ඉතින් මමත් Windows 7 හොය හොය ඉද්දි තමයි කණියාගේ සටහන දැක්කේ එතකොට මම බ්ලොග් එකක් ලියන්න පටන් අරන් තිබුනේත් නැහැ. බ්ලොග් කියවනවා විතරයි. දැම්මා බලන්න කමෙන්ට් එකක් දාලා ඉල්ලගත්තා ඔන්න Windows 7 dvd එකක් කණිෂ්ක ට පින් සිද්ද වෙන්න. දැන් ඹන්න Install කරන්නයි තියෙන්නේ. කෝකටත් කියලා C drive එකේ Vista තියෙද්දිම දම්මා D drive එකටWindows 7 Ultimate 32 bit දැම්මා ඩුවල් බූට් විදිහට. වැඩේ හරි ඹන්න හත වැඩ දැන් තියෙන්නේ ඩ්‍රයිවස් ටික දාගන්නයි හතට හරියන ඩ්‍රයිවස් ට්කත් හරි ඹන්න . මලා SLT ADSL ZTE මොඩම් එක වැඩ කරන්නේ නැහැ ගත්තා කස්ටමර් සර්විස් එකට කෝල් එකක් මෙන්න මුන් කියාපි Windows 7 ඩ්‍රයිවස් නහැයි කියලා. රවුටර් විතරයිලු වැඩ කරන්නේ. ඉට පස්සේ ඇහැවුවේ Techකතා එකෙන්. රවුටරයක් ගන්නලු . කමක් නැහැ ඩුවල් බූට්නේ දැම්මේ Vista තවම තියෙනවනේ.ඉන්ටනෙට් ඔන වෙලාවට Vista වලින් බූට් කර ගත්තා. ඒ වැඩේ මල වදයක්නේ. ටික දවසක් ඩුවල් බුට් පාව්ච්චි කරලා ගත්තා රවුටරයක් ඹන්න දැන් ඉතින් ඉන්ටනෙට් වැඩ. මට හුරේ වේවා! දැන් ඹන්න Full formet කරලා ආයේ දාගත්තා 7 දැන් හත විතරයි.
Windows 7 ගැන කියනවනම් මේක විස්ටා වලට වාඩා ඉක්මනට බූට් වෙනවා. විස්ටා වලට වඩා මැෂින් එක ස්පීඩ් රැම් එහෙම අඩුවෙන් ගන්නේ .මෙහි Internet Explorer 8 සහ Windows Media Player 12 ඇතුලත් වනවා. තවත් හත ගැන කියනවනම් ඉන්ටනේට් ටිවි බලන්න,ඩිවිඩි බලන්න මෙහි Windows Media Center තියනවා. මෙහි අති තවත් වැඩ සටහන්නම් windows search , Home Group ,Windows Live Essentials , Windows touch, Pin, Snap, Desktop Gadget Gallery,Windows DVD Maker, Sync Center,ඇතුලු තවත් බොහෝ දේවල් මගින් ඹබට පරිගනකය පහසු කර දී තිබේ.
(හත හොදද? නරකද? නැත්තම් ලිනක්ස් හොදද? එහෙම නැත්තම් තවම XP හොඳද? ඹබේ අදහස් කමෙන්ට් එකකින් පල කරන්න.)