Saturday, March 6, 2010

මම යාපනයට ගියෙමි

ඔන්න මටත් ඡිවිතේ පලවෙනි වතාවට යාපනයට යන්න ලැබුනා. මාර්ග සංවර්ධන අධිකාරියේ කනිෂ්ඨ සේවක සංගමයත් එක්ක. අපි ගියේ පෙබරවාරි 12 වෙනිදා හවස වුවුනියාවට යනකොට රැ එකහමරයි අපි රැ වවුනියවේ අපේ සංචාරක බංගලාවක නැවතුනා.ඔන්න රැ1.30 විතර මහන්සි යන්නත් එක්ක නාගත්තා. ඒ පැත්තේ වතුර ටිකක් කිවුල් ලුනු රසකුත් එනවා.
ඹන්න 13 උදේ තෝස තුනක් විතර ගිලලා දාලා අපේ කට්ටිය වවුනියාවෙ ඉදන් යාපනේ බලා පිටත් වුනා මුලන්ම අපි ගියේ ඩෙල්ෆ්ට් දුපතට. ඩෙල්ෆ්ට් වල තියෙනවා ලොකු ගහක්(යට තියෙන වීඩියෝ එක බලන්න)මෙකේ බෙනයක් වගෙඑකක් තියෙනවා මෙකේ මනිස්සු පස් හය දෙනෙක්ට උනත් ඉන් පුලුවන්පලවෙනි වතාවට තමයි මම මුහදක බෝට්ටුවක ගිය ඩෙල්ප්ට් වල ඉදන් කෙලින්ම බෝට්ටුවේ නාගදීපෙට ආවා නාගදීපය වැඳ පුදාගෙන ආපහු අපි රැ නවතින ස්තානයට අවා. කට්ටිය ඉතින් රැට නිදියන්නේ නහැ. සින්දු කිය කිය ඉන්නවා.
ඹන්න ඉතින් කොහම හරි පෙබරවාරි 14 වෙනිදත් උනා එදා අපි උදෙනම ගියේ යාපනය පුස්තකාලයට ඉටපස්සේ නල්ලූර් කෝවීලට ගියා.අපි සාස්තර කියන ගැනු කෙනෙකුගෙන් සාස්තරයකුත් ඇහැවුවා.බුදු අම්මේ තියෙන අපලයි ඉන්න ලමයි ගානයි බදින වයසයි බැදල නැත්තම් බැන්දට පස්සේ හම්බෙන ලමයි ගානයි ඹක්කොම කියනවා අපේ උන් ටිකට ෆුල් හොලමන් සමහරක් අය බයවෙලා මැරෙන්නේ අවුරදු කියෙනද කියලත් කියනවා මාව මැරෙන්නේ අවුරදු 86න්ලු.
සාස්තරෙත් අහගෙන අපි ඉරිදා 14 වෙනිද හවස ආපාහු කොළඹ බලා පටත් වුනා. A9 පාර දෙපැත්තේ යුද කාලයේ විනාශ වුනු ගෙවල් වල බිත්ති විතරක් තිබුනා ගෙඩක් එවගෙ වහල නැහැ
කිලිනොච්චියෙ පෙරලපු වතුර ටැංකිය එහෙම තිබුනා. ඒකේ පොටෝ එකක් ගහගන්න බැරුව ගියා රෑවෙලා හින්දා. එන ගමන් රැ වවුනියවෙන් කොත්තුවකුත් කැවා ඊට පස්සෙ ඉතින් කෙලින්ම කෙළබ බලා අවා
කොහම හරි මම ඡිවිතේ පලවෙනි වතාවටයි යාපනයට ගියේ මමනම් හිතුවේ නැහැ තිබුනු යුධ තත්වේ හැටියට මාට යාපනය පැත්ත පලාතේ යන්න ලැබෙයි කියලා.අපේ රණවිරුවන්ට ගොඩක් පින් සිද්ධ වෙන්න ඹන අනාගත පරපුරට මෙවා දැක බලා ගැනීමට ඉඩ සලසා දීම ගැන.


video
video